PTE අලුත් update එකෙන් පස්සෙත් One-line Strategy තාම වැඩ කරනවද?

PTE අලුත් update එකෙන් පස්සෙත් One-line Strategy තාම වැඩ කරනවද?

මේක මේ දවස් වල හරිම ප්‍රසිද්ධ මාතෘකාවක්. ගොඩක් තැන් වල මේක ගැන වැරදි අර්ථකතන දෙන නිසා මං හිතුවා One-line Strategy ගැන පොඩි පැහැදිලි කිරීමක් කරන්න. මුලින්ම අපි දැනගන්න ඕනි PTE කියන්නෙ ලෝකේ තියෙන අමුතු exam එකක් නෙවෙයි. මේකත් ඕගොල්ලෝ ඉස්කෝලේ යන කාලේ මුහුණ දුන්නා වගේම තවත් එක exam එකක් විතරයි. 

සාමාන්‍යයෙන් ඕනෑම exam එකක ප්‍රශ්න පත්‍රයක් තියෙනවා. ඒ වගේම marking scheme එකක් තියෙනවා. එතකොට ඔයා ප්‍රශ්න පත්‍රයට උත්තර ලිව්වම ටීචර් බලලා marking scheme එකට අනුව ඔයාට ලකුණු දෙනවා නේද? ඉතින් PTE වල වෙන්නෙත් ඔය කාරණේම තමා. එකම වෙනස මෙතන ඔයාගේ ටීචර් සාමාන්‍ය ඇට ලේ මස් නහර වලින් හැදුනු මනුස්සයෙක් නෙවෙයි. AI එකක්. හැබැයි මනුස්සයෙක් උනත් AI එකක් උනත් එයාට ඕන ඕන හැටියට අපිට ලකුණු දෙන්න කාටවත් බෑ. එකට තමයි marking scheme එකක් හදන්නේ.

ඉතින් PTE වල marking scheme එකට අපි කියනවා Score Guide එකක් කියලා. මේක අවුරුද්දකට දෙපාරක් විතර update වෙනවා. මෙච්චර කාලෙකට වලංගු උනේ 2023 June – Score Guide එක. 2024 නොවැම්බර් 4 වෙනිදායින් පස්සේ දැන් වලංගු වෙන්නේ 2024 October – Score Guide එක. මේ score guide ගැන වැඩි විස්තර මම වෙනම කතා කරන්නම්. දැනට මට කියන්න ඕනි, මේ score guide එකට අනුව තමා අපි කරන දේවල් වලට අපිට ලකුණු හම්බෙන්නේ. තව විදිහකින් කිව්වොත් මේකේ තියෙන විදිහට ලකුණු දෙන්න Pearson ආයතනය බැඳිලා ඉන්නවා. 

ඉතින් මේ score guide එක අනුව අපිට Read Aloud වලට ලකුණු හම්බෙන විදිහ එයාලා ඒකේ පෙන්නලා දීලා තියෙනවා. එතකොට RA task එකක ඔයාගේ skills 3ක් එයා බලනවා. 

1. Content 

Content කියන්නේ ඔයා paragraph එකේ වචන වලින් කීයක් කියවනවද කියන එක. ඔක්කොම වචන ටික කියෙව්වොත් full marks හම්බෙනවා. වචන හැලුවොත්, අතින් දැම්මොත්, තියෙන වචන වෙනස් කරලා කිව්වොත් ලකුණු අඩු වෙනවා. Content එකට fixed mark එකක් නෑ. ඔයාට හම්බෙන paragraph එකේ දිග මත තමා ඒක තීරණය වෙන්නේ. නමුත් ගොඩක් දුරට ලකුණු 2ක් හෝ 3ක් තමා හම්බෙන්නේ. 

2. Pronunciation 

Pronunciation කියන්නේ ඔයා කියවන වචන ටික කොච්චර පැහැදිලිව කියනවද කියන එක. මේකට ඔයාට ලකුණු හම්බෙන්නේ 0-5 කියන scale එකෙන්. ඔයා හැම වචනයක්ම native speaker කෙනෙක්ට ඒ කියන්නේ සුද්දෙක්ට තේරෙන්න කියනවනම් ඔයාට ලකුණු 5ම හම්බෙනවා. ඔයා කියන වචන වලින් 50%කටත් වඩා unintelligible නම් ඒ කියන්නේ තේරෙන්නෙම නැත්නම් ඔයාට ලකුණු ලැබෙන්නේ නෑ. හොඳට මතක තියාගන්න unintelligible කියන්නේ wrongly pronounced කියන එක නෙවෙයි. ඒ කියන්නේ වැරදි උච්චාරණයට නෙවෙයි බිංදුව වෙන්නේ තේරෙන්නෙම නැත්නම්.  

3. Fluency

Fluency කියන්නේ ඔයා කියන වචන ටික කොච්චර ගලාගෙන යන්න කියනවද කියන එක. මේකට ලකුණු හම්බෙන්නෙත් 0-5 scale එකෙන්. සුද්දෙක් වගේම කියනවනම් ලකුණු 5කුත්, “ආ” ගගා “ම්ම්” ගගා නැවතී නැවතී කියනවනම් ලකුණු 0කුත් හම්බෙන්නේ. ආයෙත් කියනවා සුද්දෙක් වගේ කියනවා කියන්නේ accent එක නෙවෙයි. pausing, phrasing, intonation වගේ sub-skills use කරලා, basic වැරදි නොකර හරියට ලස්සනට ගලාගෙන යන්න කියන එක තමා සුද්දෙක් වගේ කියනවා කියන්නේ. මේක මම වෙනම ලිපියකින් ගේන්නම්. 

ඉතින් ඔයා RA වල one-line කිව්වත් මුළු paragraph එකම කිව්වත් ඔයාට ලකුණු හම්බෙන්නේ ඔන්න ඔය marking scheme එකට. ඔයාලට one-line කියද්දී ලකුණු එන්නැති වෙන්න නම් score guide එකේ පැහැදිලිවම සඳහන් වෙන්න ඕනි, වචන 60න් මෙච්චර ප්‍රමාණෙකට වඩා කිව්වොත් විතරයි ලකුණු එන්නේ වගේ දෙයක්. නැතුව ඔයාට ලකුණු කපන්න බෑ එයාලට. ඔයා කියන්නේ ඔයාට පුළුවන් ටික. ඒකට marking scheme එක අනුව ලකුණු දෙන්නම ඕනි. 


One-Line Strategy

හරි දැන් අපි බලමු score guide එකට අනුව කෙනෙක්ට කොහොමද one-line කරද්දී ලකුණු හම්බෙන්නේ කියල. ඉතින් සරලයි. වචන 60ක විතර paragraph එකක ඔයා වචන 10ක් කියනවා. ඒ කියන්නේ වචන 60න් 50ක්ම හලනවා ඉතින් දැන් ඔයාට content එකට හම්බෙන ලකුණු වලට මොකද වෙන්නේ. සරලව හිතමු වචන 60ම කිව්වනම් ඔයාට ලකුණු 3ක් හම්බෙනවා කියලා. දැන් ඔයාට හම්බෙන්නේ 3න් 0.5ක් විතර නේද?

හැබැයි ඔයා කියන වචන 10 අපි හිතමු හරියටම පැහැදිලිව හොඳටම ගලාගෙන යන්න කියනවා. එහෙම උනොත් ඔයාට pronunciation වලට 5න් 5ම හම්බෙනවා. fluency වලටත් 5න් 5ම හම්බෙනවා. දැන් ඔයාට RA වල මුළු ලකුණු 13න් කීයක් හම්බෙනවද? 10.5ක් හම්බෙනවා. ඒ කියන්නේ 80%කට උඩින් හම්බෙනවා. ඒ නිසා one-line කරලත් 79+ දාන්න බැරිකමක් නෑ. 

හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ ඔය ගාන ගන්න නම් ඔයා කියවන වචන 10 හරියටම කියවන්න ඕනි. ඒ කියන්නේ හරිම techniques වලට හරියටම පැහැදිලිව. නැත්නම් ඔයාගේ content එක කොහොමත් නැති වෙනවා වගේම pronunciation, fluencyත් අඩු වෙනවා. ඒ නිසා one-line කරන කෙනෙක් full paragraph එක කියන කෙනෙක්ටත් වඩා හොඳට practice කරන්න ඕනි මේක ගොඩ දාන්න. ඒ නිසා one-line කියන්නේ හරියට අතුරේ යනවා වගේ වැඩක්. මෙන්න මේ කාරණේ නිසා content එක normally read කරගන්න පුළුවන් සහ voice එකේ ගැටළුවක් නැති කෙනෙක්ට මම one-line recommend කරන්නේ නෑ. හැබැයි හරියට කරගත්තොත් කරගන්න බැරිත් නෑ. 

මේ වගේ ඔයාලට PTE exam එකට වැදගත් වෙන කාරණා 15ක් ගැන පැය 2ක් පුරාවට දැනගන්න අපේ FREE info session එකට ඔයාට join වෙන්න පුළුවන්. ඔයා තනියම exam ගොඩ දාගන්න ඉන්න කෙනෙක්නම් ඒක ඔයාට ගොඩක් ප්‍රයෝජනවත් වේවි. පල්ලෙහා link එකෙන් අපේ ඊළඟ session එකත් එක්ක සම්බන්ධ වෙන්න.

Click here to reserve your spot

LATEST NEWS

Latest news & article.

Mus mauris vitae ultricies leo. A condimentum vitae sapien.

12Jun
How to Book the PTE Exam in Sri Lanka: Test Centres, Fees & Step-by-Step Guide (2026)

The short version: create a free myPTE account at pearsonpte.com, choose PTE Academic, pick a…

How to Prepare for PTE Academic: A Sri Lankan Student’s Complete Study Plan
10Jun
How to Prepare for PTE Academic: A Sri Lankan Student’s Complete Study Plan

I scored 75 on my first PTE attempt. Not because I didn’t prepare — I…

01Jun
PTE Score Requirements for Australia, New Zealand & Canada: 2026 Complete Guide

The most common mistake I see isn’t a low score. It’s a wasted one. A…

Scroll to Top