Reorder Paragraph එකක පළවෙනි sentence එක හොයාගන්නේ කොහොමද?

Reorder Paragraph එකක පළවෙනි sentence එක හොයාගන්නේ කොහොමද?

අද Yes for PTE blog එකෙන් අපි කතා කරන්න යන්නේ Reading Category එක යටතේ එන Reorder paragraph එකට අදාළ වැදගත් strategy එකක්. ඉතින් අපිට මේ sentences ටික හරි order එකකට හදාගන්න නම් අපිට කරන්න තියෙන මුල්ම දේ තමා අපිට හම්බෙලා තියෙන sentences අතරින් first sentence එක තෝරාගන්න එක. ඉතින් ඒක කරන්න ලේසිම විදිහ තමා අපි පළවෙනි sentence එකට එන්න බැරි ජාතියේ sentences අතාරින එක.

අපි උදාහරණ කිහිපයකින් මේක පැහැදිලි කරගමු. 

1. ඔන්න ඔයාව හම්බෙන්න යාලුවෙක් එනවා. එයා ඔයාට මුලින්ම මෙන්න මෙහෙම කියනවා. 

                       “මචන් දන්නවද? අරයා මට මාර වැඩක් කළානේ” 

එතකොට ඔයා බලයි කවුද මේ “අරයා” කියල නේද? එහෙනම් අපි දෙයක් මුලින්ම කියද්දී “අරයා” කවුද කියන එක හඳුන්වල දීල තමයි ඊට පස්සේ ඒ කෙනා වෙනුවට “අරයා” කියන වචනය පාවිච්චි කරන්න පුළුවන්. අන්න ඒ වගේ වචන වලට අපි කියනවා “සර් ව නාම” කියල. “අරයා”, “මෙයා”, “ඔහු”, “ඇය”, “එයාලා” වගේ වචන එතකොට පළවෙනි sentence එකේ තියෙන්න බෑ. ඉංග්‍රීසියෙන් ඕවට කියන්නේ “pronouns”. එතකොට He, She, They, It, වගේ pronouns තියෙන sentences අතාරින්න.

2. “John picked the book from the shelf” – දැන් බලන්න මේ sentence එක. 

මේක සිංහලට හැරෙව්වොත් එන්නේ 

                            “ජෝන් පොත් රාක්කෙන් පොත ගත්තා” 

එතකොට ඔයාට ප්‍රශ්නයක් ඇති වෙයි මොන පොත ද කියලා නේද? මොකද මෙතන යෙදිලා තියෙන්නේ “The Book” කියල. ඒ කියන්නේ මොකක් හරි specific පොතක් ගැන තමා කතා කරන්නේ

         ඔන්න “ජෝන් පොත් රාක්කෙන් පොතක් ගත්තා” කිව්වනම් ගැටළුවක් නෑ. එතකොට ලියවෙන්න ඕන “A Book” කියලා. නැතුව “The Book” නෙවෙයි. “The” කියන එක use කළාම අපිට එනවා යම් නිශ්චිත දෙයක් ගැන කියනවා වගේ අදහසක්. ඒකට අපි කියනවා definite article එකක් කියල. එතකොට පළවෙනි sentence එකක definite article එකක් එක්ක කලින් විස්තර නොකළ යමක් යෙදෙන්න බෑ. ඒ නිසා එහෙම sentences අතාරින්න.

3.

  • She loves to read novels. Moreover, she writes her own stories.
  • I wanted to go to the beach. However, it started raining.
  • He is very talented. Also, he works extremely hard.
  • The hotel has a pool. In addition, it offers free breakfast.

බලන්න මේ වගේ වචන වලින් පටන් ගත්තම අපිට තේරෙනවා මීට කලින් වෙන යමක් කියල තියෙනවා වගේ අදහසක් නේද? මේවට අපි කියනවා transition words එහෙම නැත්නම් linking words කියලා. එතකොට මේ වගේ වචනෙකින් first sentence එකක් පටන් ගන්න විදිහක් නෑ. මොකද හැමතිස්සෙම මේකක් එන්නේ කලින් sentence එකක් එක්ක සම්බන්ධ වෙන දෙවෙනි sentence එකක් හැටියට. 

ඉතින් ඔන්න ඔය වගේ හරියටම පළවෙනි sentence එක තෝරාගත්තොත් එතනින් එහාට ඔයාට ලේසියෙන් ඉතුරු ටික order කරගෙන යන්න පුළුවන්. මේ වගේ strategies ඉගෙනගෙන තක්කෙටම PTE ගොඩ යන්න අපේ සති දෙකෙන් PTE ගොඩ දාන PTE RAPID BOOST Course එකත් එක්ක එකතු වෙන්න. 

Ready to Master Reorder Paragraphs?

Join us at our next FREE info session. Discover how our proven strategies can help you achieve your target PTE score.

Transform your speaking skills and ace the PTE with Yes for PTE! See you at the session.

Click here to reserve your spot

LATEST NEWS

Latest news & article.

Mus mauris vitae ultricies leo. A condimentum vitae sapien.

12Jun
How to Book the PTE Exam in Sri Lanka: Test Centres, Fees & Step-by-Step Guide (2026)

The short version: create a free myPTE account at pearsonpte.com, choose PTE Academic, pick a…

How to Prepare for PTE Academic: A Sri Lankan Student’s Complete Study Plan
10Jun
How to Prepare for PTE Academic: A Sri Lankan Student’s Complete Study Plan

I scored 75 on my first PTE attempt. Not because I didn’t prepare — I…

01Jun
PTE Score Requirements for Australia, New Zealand & Canada: 2026 Complete Guide

The most common mistake I see isn’t a low score. It’s a wasted one. A…

Scroll to Top