Read Aloud වල PTE Pronunciation වලට උපරිම ලකුණු ගන්න: Consonant Clusters හරියට කියවන්න Mastering PTE Pronunciation: Consonant Clusters

PTE speaking වල ලකුණු හම්බෙන categories 3න් එකක් තමා pronunciation කියලා කියන්නේ. ඉතින් මේ ලිපියෙන් අපි කතා කරන්න යන්නේ PTE Pronunciation වලට උපරිම ලකුණු දාගන්න පුළුවන් strategy එකක් ගැන. ඒ තමයි consonant clusters පැහැදිළිව spell කිරීම.

මොනාද මේ consonant clusters කියන්නේ? අපි දන්නවා ඉංග්‍රීසි භාෂාවේ vowels විදිහට සහ consonants විදිහට අකුරු ජාති දෙකක් තියෙනවා. vowel එකකට අපි කියනවා ස්වරයක් එහෙම නැත්නම් තනිව ශබ්ද කරන්න පුළුවන් අකුරක් කියල. “a,e,i,o,u” කියන්නේ ඉංග්‍රීසි භාෂාවේ තියෙන vowels අකුරු 5ට. එතකොට ඉතුරු අකුරු තමා consonants. ඒ කියන්නේ ව්‍යංජන එහෙම නැත්නම් තනිව ශබ්ද කළ නොහැකි අකුරක්. උදාහරණයක් විදිහට K කියන්නේ consonant එකක්. ඒක ශබ්ද වෙන්න නම් ඒ අකුරත් එක්ක vowel එකක් එකතු වෙන්න ඕනි. හරියට මේ වගේ..

  • K + a = ක 
  • K + i  = කි 

හැබැයි ඉංග්‍රීසි භාෂාවේ ගොඩක් වචන තියෙනවා මේ consonants අකුරු දෙකක් හෝ කිහිපයක් එක ළඟ තියෙන වචන. ඒවාට අපි කියනවා consonant clusters කියලා. උදාහරණයක් හැටියට frog කියන එක ගන්න. f සහ r කියන දෙකම consonants. එතකොට අපි මේ වචන ශබ්ද කරද්දී ලොකු සම්භාවිතාවයක් තියෙනවා මේ අකුරු වලින් එක අකුරක් නොඇසි යන්න. pronunciation වලට ඇත්තටම ලකුණු අඩු වෙන්නේ අපි ඒ වචනේ wrongly pronounce කරනවට වඩා අපි wrongly pronounce කරන වචනෙකින් වෙන වචනයක් තිබිලා ඒක නිසා ඔයා කියවන sentence එකේ meaning එක සම්පුර්ණයෙන්ම වෙනස් වෙනවනම්.

සරල උදාහරණයක් බලමු.

  • I saw a frog near the river = මම ගඟ ගාව ගෙම්බෙක් දැක්කා.

දැන් ඔයා මේක එක දිගට කියවල බලන්න. ඔයාට තේරෙනවද frog කියන එකේ r අකුර ටිකක් හොඳට ඇහෙන්නේ නෑ කියල. ඉතින් හදිසියෙවත් ඔයා මේ කියවන වචනේ r අකුරේ ශබ්දේ software එකෙන් detect කරගත්තේ නැතොත් මොකද වෙන්නේ? software එක ගන්නේ මෙන්න මෙහෙම,

  • I saw a fog near the river = මම ගඟ ගාව මීදුමක් දැක්කා 

පේනවා නේද පොඩි ශබ්දයක් miss වෙන නිසා sentence එකේ meaning එක සම්පුර්ණයෙන්ම වෙනස් වෙන හැටි. ඉතින් මතක තියාගන්න මේක ඔයාට මේ PTE ekam එකේ බහුලවම සිද්දවෙන වැරද්දක්. ඔයා හරියට මේක ගොඩ දාගන්නනම් අද ඉඳලා Read Aloud වල consonant clusters ටිකක් ඕනිකමින් පැහැදිලිව කියවන්න. 

ඉතින් මේ වගේ තවත් PTE pronunciation එක ගොඩ දාන තාක්ෂණික ක්‍රම ගැන දැනගන්න අපේ PTE RAPID BOOST Course එකත් එක්ක join වෙන්න.

Why Join Our PTE Rapid Boost Course?

At Yes for PTE, we specialize in helping students overcome challenges like consonant clusters and improve their pronunciation. Our PTE Rapid Boost Course is designed to give you practical strategies and tips to nail the Speaking section in record time.

Want to fast-track your PTE preparation?

👉 Inquire now via WhatsApp at 0713038448 to learn more.
Let’s make your PTE journey a success!

Want to Know More? If you’re curious about more PTE strategies and recent updates, join our FREE info session. We’ll guide you through 15 key insights that can help you ace the test, whether you’re studying independently or considering a class.

Ready to dive in? Click the link below to reserve your spot in our next session!

Click here to reserve your spot

LATEST NEWS

Latest news & article.

Mus mauris vitae ultricies leo. A condimentum vitae sapien.

12Jun
How to Book the PTE Exam in Sri Lanka: Test Centres, Fees & Step-by-Step Guide (2026)

The short version: create a free myPTE account at pearsonpte.com, choose PTE Academic, pick a…

How to Prepare for PTE Academic: A Sri Lankan Student’s Complete Study Plan
10Jun
How to Prepare for PTE Academic: A Sri Lankan Student’s Complete Study Plan

I scored 75 on my first PTE attempt. Not because I didn’t prepare — I…

01Jun
PTE Score Requirements for Australia, New Zealand & Canada: 2026 Complete Guide

The most common mistake I see isn’t a low score. It’s a wasted one. A…

Scroll to Top